Saturday, June 29, 2013

යෞවනයේ රිදුන යෞවනයාගේ හිත

ඔයා මගේ විශ්වාසේ කැඩුවා. ඒ හිංදා මං එතනින් එහා හිතන්නේ නැහැ.. විශ්වාසයක් කැඩුන පලියෙන්ම හැමදෙයක්ම අමතක කරන්න පුළුවන්ද.. ඒ වගේම ඒ ආදරේ තව කෙනෙකුට පුද දෙන්න පුළුවන්ද.. එහෙමනම් එතන ආදරයක් තිබුනද.. විශ්වාසය කඩ කලේ නරක දේකට නෙමෙයි. නමුත් එ විශ්වාසේ කැඩුන සැනින්ම තව කෙනෙකුගේ පහසට යන්නේ, වෙන්වෙන්න හේතුවක් සොයන්නා වගේ.. කාලයක් ආදරෙන් ඉදලා එක මොහොතින් හැමදෙයක්ම අමතක කරන්න පුළුවන්ද.. ඇත්තටම ආදරය කියන්නේ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට, මොහොතින් වෙනස් කරලා දෙන්න පුළුවන් දෙයක්ද.. ඒ වගේම අලුතෙන් පටන් ගත් කෙනා සමග ඉද්දි, කලින් ආදරය කරපු කෙනාගේ අඩුපාඩු කම් වැඩියෙන් පෙන්වන්නෙත් ඒ නිසාද. ඉන්නකම් හැමදෙයක්ම සතුටින් බෙදාගන්නවා. අඩුපාඩුත් හදාගන්නවා. යන්න ඕන උන ගමන් ඔක්කොම දේවල් අනෙත් පැත්තට කියනවා. අපි මොන දේ කලත් අපේ හිතට බොරු කරන්න බැහැ.. කරපු දේවල් දවසක අපි පස්සෙන් එනවා. කෙනෙකුගේ හිතක් රිද්දවීමේ පාපයට කවදාවත් හවුල්වෙන්න වෙන්න එපා. කෙනෙක් පටන් ගත්තම ඒ දේ ඉවර වෙන්නේ හිත් හුගාක් රිද්දගෙන.. කෙනෙකුගේ හිතක් රිද්දලා තවත් කෙනෙක් සමග හිනාවෙන එක තාවකාලිකයි.

ඇයි ආදරේ තේරුම ගන්නේ නැත්තේ...? හිම කුමරිය කවුද මගේ?

ගොඩාක් ආදරෙන් මේ අත අල්ල ගත්තෙ කවදාවත්ම මොනම හේතුවකටවත් අතහරින්න හිතාගෙන නෙවෙයි.ඔය හිනාවෙන ඇස් දෙක දිහා බලාගෙන මම හිතන්නෙ ඔයා හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න ඕනෙ කියලයි.මගෙ ආදරේ හැමදාමත් ඔයට විතරයි මගේ හිම කුමරිය  .මං පොරොන්දු වෙනව මගේ ආදරේ නිසා ඔය ඇස් දෙකට කදුලක් දීලා ඔය අහිංසක ලස්සන හිනාව මං කවදාවත් නැති කරගන්නේ නෑ කියල මගෙ වස්තුව.  එත් ඇයි ඔය මෙච්චර වැරදි කරලා මට රිද්දන්නේ? 
 ඔයාට මාව එපා කියලා අනිත් අය ඔයාගේ හිත හැදුව නේද ? කවදාහරි දවසක තේරුම ගනීවි මගේ ආදරේ ගැන... එදාට මං වේදනාවේ උපරිමේටම ගෙහින් ජීවතේ රිද්දගෙන ඉවරයි...!

හිත වාවන්නෙම නෑ 
ඔබ අයෙත් එන්නේ නෑ 
මම තාම දන්නෙ මා ඔබේ කියා... එත් ඔබේ හිමකරු මම නොවේ......