Saturday, June 29, 2013

යෞවනයේ රිදුන යෞවනයාගේ හිත

ඔයා මගේ විශ්වාසේ කැඩුවා. ඒ හිංදා මං එතනින් එහා හිතන්නේ නැහැ.. විශ්වාසයක් කැඩුන පලියෙන්ම හැමදෙයක්ම අමතක කරන්න පුළුවන්ද.. ඒ වගේම ඒ ආදරේ තව කෙනෙකුට පුද දෙන්න පුළුවන්ද.. එහෙමනම් එතන ආදරයක් තිබුනද.. විශ්වාසය කඩ කලේ නරක දේකට නෙමෙයි. නමුත් එ විශ්වාසේ කැඩුන සැනින්ම තව කෙනෙකුගේ පහසට යන්නේ, වෙන්වෙන්න හේතුවක් සොයන්නා වගේ.. කාලයක් ආදරෙන් ඉදලා එක මොහොතින් හැමදෙයක්ම අමතක කරන්න පුළුවන්ද.. ඇත්තටම ආදරය කියන්නේ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට, මොහොතින් වෙනස් කරලා දෙන්න පුළුවන් දෙයක්ද.. ඒ වගේම අලුතෙන් පටන් ගත් කෙනා සමග ඉද්දි, කලින් ආදරය කරපු කෙනාගේ අඩුපාඩු කම් වැඩියෙන් පෙන්වන්නෙත් ඒ නිසාද. ඉන්නකම් හැමදෙයක්ම සතුටින් බෙදාගන්නවා. අඩුපාඩුත් හදාගන්නවා. යන්න ඕන උන ගමන් ඔක්කොම දේවල් අනෙත් පැත්තට කියනවා. අපි මොන දේ කලත් අපේ හිතට බොරු කරන්න බැහැ.. කරපු දේවල් දවසක අපි පස්සෙන් එනවා. කෙනෙකුගේ හිතක් රිද්දවීමේ පාපයට කවදාවත් හවුල්වෙන්න වෙන්න එපා. කෙනෙක් පටන් ගත්තම ඒ දේ ඉවර වෙන්නේ හිත් හුගාක් රිද්දගෙන.. කෙනෙකුගේ හිතක් රිද්දලා තවත් කෙනෙක් සමග හිනාවෙන එක තාවකාලිකයි.

ඇයි ආදරේ තේරුම ගන්නේ නැත්තේ...? හිම කුමරිය කවුද මගේ?

ගොඩාක් ආදරෙන් මේ අත අල්ල ගත්තෙ කවදාවත්ම මොනම හේතුවකටවත් අතහරින්න හිතාගෙන නෙවෙයි.ඔය හිනාවෙන ඇස් දෙක දිහා බලාගෙන මම හිතන්නෙ ඔයා හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න ඕනෙ කියලයි.මගෙ ආදරේ හැමදාමත් ඔයට විතරයි මගේ හිම කුමරිය  .මං පොරොන්දු වෙනව මගේ ආදරේ නිසා ඔය ඇස් දෙකට කදුලක් දීලා ඔය අහිංසක ලස්සන හිනාව මං කවදාවත් නැති කරගන්නේ නෑ කියල මගෙ වස්තුව.  එත් ඇයි ඔය මෙච්චර වැරදි කරලා මට රිද්දන්නේ? 
 ඔයාට මාව එපා කියලා අනිත් අය ඔයාගේ හිත හැදුව නේද ? කවදාහරි දවසක තේරුම ගනීවි මගේ ආදරේ ගැන... එදාට මං වේදනාවේ උපරිමේටම ගෙහින් ජීවතේ රිද්දගෙන ඉවරයි...!

හිත වාවන්නෙම නෑ 
ඔබ අයෙත් එන්නේ නෑ 
මම තාම දන්නෙ මා ඔබේ කියා... එත් ඔබේ හිමකරු මම නොවේ......

Tuesday, December 21, 2010

තුවාල

පොඩිකාලේ ඉඳලා ආදරේ කරන්න හීන දකින අය ආදරේ කරන්න ගත්තට පස්සේ තමයි තේරුම්ගන්නේ පොඩිකාලේ වැටිලා තුවාල වුණු දණහිස්සට වඩා, ආදරේදි පුංචියට පෑරෙන හදවත ඉවසන්න බැරි වේදනාවක් ගේනවා කියන එක . . . ,

  

ආදරය

ආදරයකට හොඳම සාක්ෂිය විශ්වාසයයි,

 විශ්වාසය හරියට වීදුරු මල් පෝච්චියක් වගේ, 

බිඳුනොත් ආපහු තිබුන විදියට හදන්න බෑ.

 ඒ නිසා ආදරය කරන කෙනාගේ විශ්වාසය හැමදාමත් රකින්න. . 




"ජිවිතේ බෙදා ගන්න හිතෙනවා

එක වෙලාවකට ජිවිතේ ගෑන කලකිරෙනවා... මේ ජිවිතෙට දෑනෙන දුක, සතුට, ආදරේමේ හෑගීම් හෑමදෙයක්ම බෙදාගන්න ජිවිතෙට ලග කෙනෙක් ඉන්නවනම් කියලා හිතෙනවා... එත් කතාවකුත් තියෙනවනේ ගිනි පෙලල්ලෙන් බෑට කාපු මිනිහ කනා මෑදිරි එලියටත් බයයි කියලා...

"හීන ලෝකය යුවතියකගේ

කෙල්ලෙක් ජිවිතේ ගොඩක් සිහින පොඩි බෑද ගන්නව... ඒ සිහින තුල ජිවිතය දකිනව... ඒ සිහින එක්ක ජිවත් වෙනව... එත් ඒ සිහින ලොකය විනශ වුනාම කෙල්ලෙකුගේ මුලු ජිවිතයම විනශ වෙනව... කාටත් නොපෙනෙන, කවුරුත් නොදකින කෑකෑරෙන වේදනවක් එක්ක ජිවිතය විදවනව...

වැස්සට දිය වු ආදරය...........


මේ වැස්ස....මම කොහොම අමතක කරන්නද...ඒ තරම් අපේ ආදරේ ගැන දන්න කවුරුවත් නැතුව ඇති...වැස්සෙම පටන් අරගෙන වැස්සටම දියවෙලා ගිය ආදරෙන්මට ඉතුරු වුනේ තෙමුනු හදවතක් විතරයි...ඒ හදවතත් ළගින් තියාගෙන මම තාම වැස්සෙ තෙමෙනවාඒ මොකද කියලා දන්නවද...ආදරේ නිසා මට උරුම වුන හැම දුකක්මමේ වැස්සටම දියවෙලා යයි කියලා හිතාගෙන..